සහෘද සැම වෙත........
නගානෝ ප්‍රාන්තයේ පාසලක ඉගෙනුම ලැබූ සිනෙත් ශාන් නමැති සිසුවා හදිසි අනතුරක් හේතුවෙන් පසු ගිය මස 29 වන දින අභාවප්‍රාප්ත විය. එම අවස්ථාවෙහි සමාජ හිතකාමී විවිධ පාර්ශ්ව විසින් ඔහුගේ දේහය ශ්‍රී ලංකාවට යැවීම සඳහා කඩිනම් පියවර ගන්නා ලදී. ශ්‍රී ලංකා සංගමයේ සුභ සාධන අංශය ද තානාපති කාර්යාලය හා සම්බන්ධ කොටගෙන අවශ්‍ය කටයුතු යුහුසුළුව සම්පාදනය කරදෙන ලදී. අනතුරුව මුදල් එකතු කිරීමේ කටයුතු සඳහා ෆේස්බුක් ආදී සමාජ ජාලවල ද පළ කරන ලදී. ඉතා කාර්යක්ෂමව මුදල් එකතු කිරීම සිදුකරන ලද හෙයින් බලාපොරොත්තු වූවාටත් වඩා මුදල් ලැබී තිබුණි.එහිදී නගානෝ ප්‍රාන්තයේ පිරිස් සහ නගෝයා ප්‍රාන්තයේ පිරිස් එකතුකර ලද මුදල් වලින් දේහය ශ්‍රී ලංකාවට යැවීමට කටයුතු කළ අතර දේහය සමඟ ශ්‍රී ලංකාවට ගිය නුවන් සහෝදරයා අත ද ශාන්ගේ පවුලේ සාමාජිකයින්ට ලබාදීම සඳහා මුදල් යවන ලදී. එම කටයුතු සියල්ලක් ම අප සංගමයේ උප සභාපති අනිල් ප්‍රියන්ත ගමඇතිගේ මහතාගේ අධීක්ෂණය යටතේ සිදු විය. ශ්‍රී ලංකා සංගමයේ ගිණුමට ද මුදල් බැර කර තිබූ අතර බොහෝ පිරිසක් පසුදින මුදල් බැර කරන බව සඳහන් කර තිබුණි. අනෙකුත් කටයුතු සඳහා ඒ වන විට ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් තිබූ හෙයින් සියලු දෙනා මුදල් බැර කිරීමෙන් පසුව සහ අප සංගමයේ සභාපති සමන් ප්‍රියංකර මහතා ජපානයෙන් බැහැරව සිටි හෙයින් ඔහු පැමිණි පසු මුදල් ලබාගෙන ශ්‍රී ලංකාවට යැවීමට කටයුතු සකස් කෙරිණ...
මෙම අවස්ථාවේ දී ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ නොහික්මුණු පාර්ශ්ව විසින් ශ්‍රී ලංකා සංගමයට ලැබුණු මුදල් යටිමඩි ගැසූ බවටත්, අවභාවිත කළ බවටත් පවසමින් ඉතා නින්දිත ලෙස දෝෂාරෝපණය කරන්නට විය. ශ්‍රී ලංකා සංගමයේ අනිල් ප්‍රියන්ත මහතා කරුණු පැහැදිළි කිරීමට ඉදිරිපත් වුව ද ඉතා අකෘතඥ නොදියුණු පිරිස් තම අශීලාචාර නූගත් බව ප්‍රකාශ කරමින් මඩ ප්‍රචාරයන් හි නිරත විය. ශ්‍රී ලංකා සංගමය ජපානයේ සිටින ශ්‍රී ලාංකික සැමට විවෘත, ශ්‍රී ලාංකික සැමගේ අවශ්‍යතාවන් වෙනුවෙන් නිර්මාණය වූ සංගමයකි. මෙහි මුදල් පරිහරණය කිරීම සභාපති සහ භාණ්ඩාගාරික දෙපළ ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු වන අතර මුදල් ගැනීම ද ඔවුන් ගේ අත්සනින් යුතුව සිදු වේ. ශ්‍රී ලංකා සංගමයේ ප්‍රධාන තනතුරු හොඹවන බොහෝ පිරිසක් ජපානයේ ව්‍යාපාරික වශයෙන් ඉහළ ස්ථානවල සිටින අතර ඔවුන්ට මුදල් යටිමඩි ගැසීම ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කළ හැකිය. සිදු වූ මෙම අශෝභන ක්‍රියා පිළිවෙත හේතුවෙන් අප ශ්‍රී ලංකා සංගමය ද හදිසි තීරණයක් ගත්තෙමු. එනම් සංගමයේ සාමාජික නොවන කිසිදු අයකු සඳහා අනුග්‍රාහකත්වය ලබා නොදීමයි. එවිට අප සංගමය ට දෝෂාරෝපණය කළ පාර්ශ්වයන් ට ඒ සඳහා ක්‍රියා කළ හැකි වනු ඇත. හදවතින් මෙන්ම බුද්ධියෙන් ද විමසා තතු දැන තම අදහස් ප්‍රකාශ කිරීම මිනිසත් කමේ ලක්ෂණයකි. ශ්‍රී ලංකා සංගමයට ආධාර කළ සැම ගේ නාමලේඛනය සහ එකතු වූ මුදල් පහත පළ කර ඇත. එමෙන්ම එම මුදල් ශ්‍රී ලංකාවට යැවූ බව සනාථ කෙරෙන මුදල් කුවිතාන්සිය ද මේ සමඟ එක්කර ඇත. සියලු මුදල් ලැබුන බව තහවුරු කරන ලිපියක් නුදුරේදීම ලබා දීමට බලාපොරොත්තු වෙමු. මේ සඳහා දායක් වූ සැමට ස්තුතියි